සංගයි මහේලයි කෙල්ලො කොල්ලෝ ටිකකුත් ඉස්සරහ තියාන කියපු අපූරු කතාව

තමන් කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිමේ අයිතියක් හා නිදහසක් ලොව ඕනෑම කෙනෙකුට ඇති බව හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පවසයි.ඔවුන් දෙදෙනා මෙම අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතා අදහස් පළකරමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල ජයවර්ධන ලංකාවේ පාසල් පද්ධතිය තුළට මිශ්‍ර පාසල් එක් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අතර, සහෝදරියක් පවුලේ නොමැති වූ විට පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‘‘මමත් මේ වැරැද්දට දායක වුනේ නැති වුනාට මමත් ඒ හා සම්බන්ධ වෙච්ච කෙනෙක් නොදැනුවත්ම..දැන් අපි ඉස්කොලෙන් එළියට බැහලා ගැහැණු පාසලක ළමයි දැක්කම ගහන්න බනින්න ඕන නෑ..අපි වචනයෙන් වුණත්..අපි ඇත්ත කතා කරමු..බඩුවක් කෑල්ලක් කියලනේ ආමන්ත්‍රණය කරන්නේ ඒකත් වැරදි..අපි එතනින්ම පටන් ගන්නවා ඒ වැදගත්කම නොදෙන්න‘‘.ඇයි ගෑනු ලමයි අඳින දේවල් වල වැරද්දක් පෙන්නේ..එගොල්ලෝ අදින එකෙන් ඕගොල්ලො කොහොමද කියන්නේ එයා එහෙම චරිතයක් කියලා..පිට ස්වරූපයෙන් නෙමෙයි කාවවත් අඳුරගන්නේ ඇතුළත ස්වරූපයෙන්..”ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්.”කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කළේය.එයට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර,: “පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න,” යනුවෙන් සඳහන් කළේය.”හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි.” යැයි සඳහන් කළේය.

ඉන්දීය පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාව එලව එලවා පහරදෙයි..

ඉන්දියානු ටෙස්ට් තරගාවලිය අරමුණු කරගෙන පැවැත්වෙන දෙදින පුහුණු තරගය ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු සභාපතිවරයාගේ කන්ඩායම අතර මේ වන විට ඉන්දියාවේ කල්කටා හීදී පැවැත්වෙයි

එහි කාසිය වාසිය දිනු ඉන්දියානු සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමු අතර ඒ අනුව ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න හා සදීර සමරවික‍්‍රම මේ වන විට ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 23කදී නොදැවුණු ලකුණු 133ක සම්බන්ධතාවයක් පවත්වා ඇත.

ආරම්භයේ සිටිම ප‍්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වු සදීර සමරවික‍්‍රම මේ වන විට පන්දු 76කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 74ක් ලබා සිටින අතර දිමුත් කරුණාරත්න පන්දු 62කදී හතරේ පහර 07ක් සමගින් ලකුණු 50ක් ලබා සිටියි

ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් මෙහෙයවන අතර ඉන්දියානු සභාපතිවරයාගේ කන්ඩායම සංජු සැම්සන් මෙහෙයවනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *