ඊයේ රෑ දකුණු මුහුදු තීරයට කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.

ඊයේ රෑ දකුණු පළාතේ ගොඩක් ප්‍රදේශවලට ඊයේ රෑ 8.00 – 9.00 අතර කාලයේ විශාල පිපුරුම් ශබ්ධයක් ඇහුනා කියල වාර්තා වුනා. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය කිව්වේ පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබුනා කියලා. තවත් අය මේ විශාල වස්තුව, මාතර ප්‍රදේශයේ මුහුදට කඩාගෙන වැටෙනවත් දැකලා තිබුනා වගේම සමහර අයගේ ගෙවල් ඉතා කුඩා දෙදරීමකටත් ලක් වෙලා තිබුනා. කොහොම වුනත් මේක වැඩිපුරම දැනිලා තිබුනේ දකුණු පලාතෙ අයට වුනත් ලංකාවේ වෙනත් ප්‍රදේශවලටත් පෙනිලා, ඇහිලා තියෙනවා කියල වාර්තා පල වුනා.කොහොම වුනත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා කියන්නේ මේක Fire Ball වර්ගයේ උල්කාෂ්මයක් කියලයි. ඒ වගේම කුඩා ප්‍රමාණයේ උල්කාෂ්ම කැබලි පෘතුවියට මිට කලින් වැටිලා තිබුනත්, මේ විදිහේ විශාල ප්‍රමාණයේ කැබැල්ලක් දකින්න සහ විශාල ශබ්ධයක් අහන්න ලැබුන මෑත ඉතිහාසයේ මුල්ම අවස්ථාව මේක.මේ අතර හැලිගේ ධුමකෙතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම නිසා එකෙන් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටත් නියමිතයි. සමහර වෙලාවට ඒ නිසා ඇති වුන තත්වයක් වෙන්නත් පුළුවන් කියල තමයි ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා කිව්වේ. මේ ගැන ඔවුන් පරීක්ෂණ කරගෙන යනවා කියලත් චන්දන මහත්මයා වැඩි දුරටත් කිව්වා.

 

ප්‍රභල භූ කම්පනයක් සමග සුනාමි අවදානමක් ශ්‍රී ලංකාවේ ..?

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා ඇති බවට සඳහන් කරමින් අන්තර්ජාලය පුරාම පුවත් පැතිර යනවා.

මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී ඇති බවත් එහි දැක්වෙනවා.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත වාර්ථාවක් ලබාදෙමින් ඉන්දීය භූ විද්‍යා හා අභ්‍යවකාශ ආයතනයක් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති අතර ශ්‍රීලංකාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ජපානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ගල්ෆ් කලාපීය රටවල මෙම භූ කම්පනය ඇතිවිය හැකි බවයි එම පුවත්වල දැක්වුණේ.

මෙම භූ කම්පනය ඇති වුවහොත් අදාළ රටවල මුහුදුබඩ සීමාව වෙනස්විය හැකි බවද සඳහන්. එමෙන්ම මෙම භූ කම්පනය ඇතිවන කාලයේ අධික වැසි පතිත වන බවත් පැයට කිලෝමීටර 120 -150 ත් අතර වේගයෙන් සුළං හමන බවත් එම වාර්ථාවේ සදහන්.

මේ ගැන වෙබ් ගොසිප් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු අප සමඟ පැවසුවේ භූ කම්පනයක් ගැන කල්තියා අනතුරු ඇඟවීමක් සිදු කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ලොව කුමන හෝ ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවත් අපට අදාල වන්නේ 6.5 කට වැඩි භූකම්පනයක් සිදුවුවහොත් පමණක් බවත්ය.

මේ දින කිහිපය තුලදීම මෙම පුවත් සම්බන්ධයෙන් නිරන්තරයේනම තම ආයතනයෙන් ජනයා විමසීම් කළ බවත් අනිසි බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *