ගංගා මෑණියන්ව හමුව ආශිර්වාද ලබාගත් බවට පැතිරෙන කටකතාවට චන්දිමාල් පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ගංගා මෑණියන්ව හමුවී ආශිර්වාද ලබාගත් බවට පැතිරගිය කතාව පසුගිය දවස්වල පැතුරුණු ආන්දෝලනාත්මක කතාවක් වුණා.මේ කතාවෙහි ඇත්ත නැත්ත අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දිනේෂ් චන්දිමාල්ගෙන් කළ විමසීමකදී කියා තිබෙනවා.ඒ අනුව ඔහු කියා ඇත්තේ සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දෙයකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බවයි.“ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී චන්දිමාල්ගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ “එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.මෙම අශිර්වාද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ බවටද කරුණු වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් චන්දිමාල් මෙලෙස අදහස් දැක්වුවා.“එහෙම මාව යොමු කළේ නැහැ. ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යනුවෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

හේතුව මෙන්න.. ඉන්දු – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ වෙනසක්..

ඉන්දියානු කන්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය දෙක පැවැත්වෙන වේලාවන් වෙනස් කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙසැම්බර් මස 10වැනි දින හා 13වැනි දින ආරම්භවීමට නියිමිත එක්දින තරග දෙක නියමිත වේලාවට(1.30) පැය දෙකකට පෙර එනම් 11.30.a.m ආරම්භ කිරීමට තීරණය කර ඇත.වර්ෂාව හේතුවෙන් තරගයට සිදුවන බාධාවලින් වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බවද සදහන් වෙයි.කෙසේ වුවත් දෙසැම්බර් 17වැනිදා මුම්බායි හිදී පැවැත්වෙන තරගයේ ආරම්භක වේලාව(1.30) වෙනස් කර නොමැති අතර නියමිත වෙලාවට ආරම්භක කරන බවටද එම නිවේදනයේ සදහන් වෙයි.

මේ වන විට කල්කටාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දින දෙකම වැස්සෙන් සේදී ගිය අතර දින දෙකෙහිම යැවීමට හැකි වුයේ සීමිත පන්දුවාර ප‍්‍රමාණයක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *