සුරංගගේ සුපිරි කැච් එක දිල්රුවන්ගේ 100 වෙනුවෙන් – වීඩියෝ

ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ වන විට දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක‍්‍රිඩාංගනයේදී පැවැත්වෙන අතර සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියි.

ඉන්දියානු කණ්ඩායම නායක විරාත් කෝලි තරගයේ කාසිය වාසිය දිනු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ ශිකර් ධවාන් හා මුරලි විජය එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කළේය.

ඩිල්රුවන් එවු පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට තැත් කළත් ඩීප් ස්ක්වාලේග්හි පන්දුරකිම්න් සිටි සුරංග ලක්මාල් අතර උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට ශිකර් ධවාන් හතරේ පහර 04ක් සමගින් ලකුණු 23ක් ලබා සිටියේය.එම කඩුල්ලත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 සිමාව පසුකිරීමට ඩිල්රුවන් පෙරේරා සමත්විය.නොදැවී පන්දුවට පහරදෙන මුරලි විජය ලකුණු 25ක්ද චිතේෂ්වර් පුජාරා එක් ලකුණක්ද ලබා සිටියි

ඉන්දීය නවක පිතිකරුවන්ට විරාත් කෝලිගෙන් උපදෙසක්..

මේ වනවිට ටෙස්ට් ,එක්දින සහ T 20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉතා පහල තැනකට පත්වී ඇති අතර මෙම තත්වයට පත්වීමට ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රමාණවත් පරිදි දක්ෂතා නොදැක්වීම දැඩිලෙස හේතුවක් වී ඇත.සංගක්කාර,මහේල ,ඩිල්ශාන් වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ,එක්දින සහ T20 අංශ තුනේම කණ්ඩායමේ වගකීම කාලයක් තිස්සේ තම හිසමත තබාගෙන පැමිණ එම වගකීම නවකයන්ට පවරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟ අංශ තුනෙන්ම දැඩි ලෙස පසු බෑමට පත්වීමට ප්‍රධාන හේතුව බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමඟ ක්‍රීඩකයන් වඩාත් ආර්ථිකමය අතින් වාසිදායක සීමිත පන්දුවාර තරඟ ,විශේෂයෙන් T20 තරඟ කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයන් බිහි නොවීමට ප්‍රධාන හේතුව වී ඇති බව පැහැදිලිව දැකගත හැකි කරුණය.ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නවක ක්‍රීඩකයන් වෙත උපදෙසක් ලබා දෙමින් පවසා ඇත්තේ නවකයන් ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට මෙය හොඳ කාලය බවය.කෝලිට මෙම අවවාදය දීමට හදිස්සියේම මතක වුනේ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් පන්දුවට පහරදෙන රටාව දුටු පසුවද යන ප්‍රශ්නය මතු වන්නේ සධීර සමරවික්‍රම,නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක පසුගිය තරඟ දෙකෙහි පිතිකරණයේ යෙදුන ආකාරය දෙස බලන විට ඔහුන් ටෙස්ට් තරඟයක ක්‍රීඩා කරනවාද යන සැකය කොලිටත් මතු වන්නට ඇත.කෝලි ඉන්දීය නවක පිතිකරුවන්ට පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම අංශය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙත නවකයන් වැඩි අවධානයක් යොමු කල යුතු බවය.මෙම උපදෙස තමා ලබා දෙන්නේ තම සංචිතය තුල සිටින උන්මඛන් චන්ඩ් ට පමණක් නොව සමස්ත නවක ක්‍රීඩකයන්ටම බවය.ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම රඳවා ගැනීමට නවකයන් වඩාත් උනන්දු විය යුතු බවද කෝලි වැඩි දුරටත් පවසා ඇත.තමන් පළමුපෙළ තරඟ ක්‍රීඩා කරන කාලයේ දුලිප් කුසලානය,රංජි කුසලානය වැනි තරඟ සඳහා ක්‍රීඩා කලේ ජාතික කණ්ඩායම වෙත පැමිණීමට අවශ්‍ය දක්ෂතා පෙන්වන තැන බවට පත් කරගනිමින් බවත් දැන් නවකයන් එම අවස්තාව IPL කණ්ඩායම් වල තම තැන සදා ගැනීම සඳහා යොදා ගන්නා තැනක් බවට පත්කරගෙන තිබෙන අයුරු දක්නට ලැබීම කනගාටුවට කරුණක් බවත් විරාත් කෝලි වැඩි දුරටත් පවසා ඇත.කෝලි මේ පවසන දෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයන්ට පමණක් නොව දැන් සිටින ප්‍රවීණයන්ටද හොඳ අවවාදයක් වන්නේ පළමු ටෙස්ට් තරඟ දෙකේම අපගේ ක්‍රීඩකයන් දැවී ගියේ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතාවලට වඩා පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා වන නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *