ඉන්දියාවට හොදටම රිදිලා… කෝලිට මල පැනලා… සඳකැන්, දික්වැල්ල කොලොප්පම් කලාලු – වීඩියෝ

දිල්ලිහි ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නවත්තලා. එහි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශක වලින් පෙන්වා දි ඇතැයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුඛ ආවරණ සහිතව ක්‍රීඩා පිටියේ පන්දු රැකීමේ නිරත වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වායු දූෂණය හේතුවෙන් දිගින් දිගටම විනිසුරන් හා සාකච්ඡා කිරිමෙන් පසුව ඉන්දී නායකයා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පිටියෙන් ඉවත්විය.පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද පිටියෙන් ඉවත්ව ගියේය. ඉන්දියාව 537/7ක් ලෙස ලකුණු රැස්කළේය. කෝලි සිය හයවැනි ද්විත්ව ශතක රැස්කරමින් ලකුණු 243ක් රැස්කළේය.මේ අවස්ථාවේ කෝලි තරගය නැවත්වීමට තීරණය කළේ කේන්තියෙන බවත් එයට සඳකැන් සහ දික්වැල්ල සිනාසුන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.පහත තියෙන්නේ එම අවස්ථවේ වීඩියෝවයි.

ඇන්ජලෝ මැතිව්ස් තීරණාත්මක තරගාවලියේ පන්දුව අතට ගනියි..

ඉන්දියාව සමඟ ආරම්භ වන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගන්නේ නම් ඔහු එක්දින තරඟාවලිය තුල පන්දු යැවීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා.ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන් වී පැවතී මාධ්‍ය හමුවේදී රුමේෂ් රත්නායක මේ බව සඳහන් කර සිටියා.

කලව ප්‍රදේශයේ සහ කෙන්දේ ආබාධයකට ඇන්ජලෝ මැතිව්ස්ගේ ලක්ව ඇති බැවින් ඔහු මැනවින් කළමනාකරණය කළ යුතු බව රුමේෂ් රත්නායක එහිදී පවසා තිබෙනවා.පුහුණු වීම අතර මැතිව්ස් පන්දුවාර 06ක් යැවූ බවත් ඔහුගේ පන්දු යැවීම හොඳ තත්වයක පවතින බවත් ඔහු පරිස්සමින් කළමනාකරණය කළ යුතු බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය ලබන 10 වනදා ධර්මශාලා හිදී ආරම්භ වනවා.දෙවන එක්දින තරඟය මුම්බායි හිදී ලබන 13 වනදා පැවැත්වන අතර තුන්වන තරඟය දෙසැම්බර් 17 වනදා විශාඛාපට්නම් හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *