ශ‍්‍රී ලංකා කණ්ඩායමට වසර 10ක පසුව සුවිශේෂී ටෙස්ට් තරගාවලියක්.. කාල සටහන මෙන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වසර 10ක පමණ කාල පරාසයකින් අනතුරුව එළඹෙන ජූනි මාසයේ දී ටෙස්ට් තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිත බව ක‍්‍රික් ඉන්ෆෝ වෙඩ් අඩවිය වාර්තා කරයි. එහි දී කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය බාබඩෝස් නුවර ‘Kensington Oval’ ක්‍රීඩාංගණයේ දී ජුනි මස 14 වන දින ආරම්භ වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම සුවිශේෂත්වකි.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි මස 06 වන දින ට්‍රිනිඩෑඩ් හි ‘Queens Park Oval’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් තරගය ජුනි මස 23 වන දින ශාන්ත ලුසියා හි පිහිටි ‘ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ දී’ ආරම්භ වනු ඇත.මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 30 වන දින සිට ට්‍රිනිඩෑඩ් හි ‘බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී’ තුන් දින සංචාරක තරගයක් සඳහා ද සහභාගී වීමට නියමිත ය.ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වූයේ 2008 වසරේ දී වන අතර එහි දී ඔවුන් බටහිර ඉන්දීය කොදේව් දූපත්වල දී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණයට හිමිකම් කියද්දී තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉන් අනතුරුව සීමිත පන්දුවාර තරගාවලි සඳහා එහි සංචාරය කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී දෙරට අතර මේ වන විට ටෙස්ට් තරග 6ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර තවදුරටත් තරග 3ක් පරාජයට පත්වෙද්දී ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.දෙරට අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලිය 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.  තරග කාලසටහන

සංචාරක තරගය: මැයි මස 30 – ජූනි මස 1, Brian Lara Cricket Ground, Trinidad

පළමු ටෙස්ට් තරගය: ජූනි මස 6-10, Queen’s Park Oval, Trinidad
දෙවන ටෙස්ට් තරගය: ජූනි මස 14-18, Kensington Oval, Barbados
තෙවන ටෙස්ට් තරගය: ජූනි මස 23-27, Darren Sammy Cricket Ground, St. Lucia

Leave a Reply

Your email address will not be published. Required fields are marked *