උපුල් තරංග සුපිරි ඉනිමත් සමග වාර්තා පොත් අතරට…

විශාකාපට්නම්හිදී අද (17 වැනිදා) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමු පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව ඕවර 39 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 209 ක් රැස්කිරීමට සමත්විය.විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ උපුල් තරංග ශතකයට ලකුණු 05ක් මෑතින් සිටියදී කුල්දීප් යාදව් එවු පන්දුවකට ස්ටම්ප් කිරීමටක හසුව දැවී ගිය අතර පන්දු 82කදී වාර්තා වු තරංගගේ සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහරවල් 03ක් හා හතරේ පහර 12ක් ඇතුලත් විය.රෝහිත් ශර්මාට සහ විරාට් කෝලිට පසුව මෙම වසරේදී ලකුණු 1000 සම්පූර්ණ කළ තෙවැනි පිතිකරුවා වීමට උපුල් තරංග අද සමත්විය.තරංග දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ප‍්‍රවේගකාරී ඉනිමකට සූදානම් වුවත් කුල්දීප් යාවද්ගේ පන්දුවකට ස්ලිප්හි පන්දු රකිමින් සිටි සරේස් අයියර් වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට හතරේ පහර 02ක් සමගින් ලකුණු 08ක් රැස් කරගෙන සිටියහ.උපුල් තරංග සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 113 කදී ලකුණු 121 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සධීර සමරවිමක්‍රම ලකුණු 42 ක් රැස්කර සිටියදී ශිකර් ධවාන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.ලකුණු 29 ක් ලබාසිටියදී ඉදිරියට පැන ගැසු පහරක් ශෝට් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි ඩිනේෂ් කාර්තික්ගේ හිසට ඉහළින් ඇදී යමින් තිබූ පන්දුව රැකගැනීමට උත්සහ කළද අතේ වැදී පන්දුව ගිලිහියාම හේතුවෙන් සධීරට කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවිය.හර්දික් පාණ්ඩ්‍යා යවන ලද තරගයේ නවවැනි ඕවරයේදී හතරේ පහර පහක් ගසමින් ලකුණු 20 ක් කණ්ඩායමට එකතු කිරීමට උපුල් තරංග සමත්විය.වේගවත් ආරම්භයක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක ඉදිරියට පැන පහරක් ගැසීමට යාමේදී මිඩෝන්හී පන්දු රකිම්න් සිටි රෝහිත් ශර්මා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය.තනි තනිව සහ කණ්ඩායමක් වශයෙන් අපි කුමක් කළ යුතු වන්නේ දැයි තේරූම් ගැනීමට අවශ්‍ය යැයි කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පැවසීය. තරගයේදී එක්දින වරම් හිමිකරගත් වොෂින්ටන් සුන්දර් අසනීපවීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර කුල්දීප් යුදව් නැවත කණ්ඩායමට කැදවා ඇති බවද ශර්මා වැවසීය.පන්දුවට පහරදීම සදහා තණතීරූව යෝග්‍ය බවත් මෙම තණතීරූව සෑමවිටම පිතිකරුවන්ට යෝග්‍ය වූ බවත් කාසියේ වාසිය පරාජයටපත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පැවසීය. කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ළහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්වී ඇති බවත් තිසර පෙරේරා පැවසීය.කාසියේ වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වන අතර තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලියද ජයගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *