අයි.සී.සී.ය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න… මැතිව්ස් තෙවැනි තැනට.. උපුල් සහ සුරංගට මොකද වුනේ ?

මෙම දින වල එක්සත් අරාබි එමීර් රාජ්යේ දී T10 ක්‍රිකට් තරගාවලිය සහ ඕස්ට්‍රේලියාවේ අළු බඳුන තරග පැවැත්වෙන අතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලියෙන් පසුව නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති. මේ අනුව පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 24 වැනි ස්ථානය දක්වාත්, උපුල් තරංග ස්ථාන 15ක් ඉදිරියට පැමිණ 36 වැනි ස්ථානය දක්වාත්, නිරෝෂන් දික්වැල්ල ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත.ඉන්දියානු කන්ඩායමේ නායක රෝහිත් ශර්මා දෙවැනි එක්දින තරගයේදී රැුස් කල විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් පිතිකරණ ලැයිස්තුවේ 05වන ස්ථානය හිමිකරගන ඇති අතර තෙවැනි තරගයේ ශතකයක් රැුස් කරමින් තරගාවලියේ විරයා සම්මානය හිමිකරගත් ශිකර් ධවාන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 14වැනි ස්ථානයට හිමි කරගෙන ඇත. පන්දු යවන්නන් අතර සුරංග ලක්මාල් ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 22 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 45 වැනි ස්ථානයට පත්ව ඇත. මීට අමතරව පළමු තරගයේදී දස්කම් පන්දුවෙන් දස්කම් දැක්වු නුවන් ප‍්‍රදීප් ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 63වැනි ස්ථානයට හිමිකරගෙන සිටියි .ඉන්දියානු කන්ඩායමේ පන්දුවෙන් දස්කම් දැක්වු යුෂ්වෙන්ද‍්‍ර චහාස් ස්ථාන 23ක් ඉදිරියට පැමිණමින් 28වැනි ස්ථානයටත් කුල්දීප් යාදව් ස්ථාන 16ක් ඉදිරියට පැමිණෙමින් 56වැනි ස්ථානයටත් පත්ව ඇත. තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන පහ තුළ සිටින ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තුන්වැනි ස්ථානයට පත්ව ඇත. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රීලංකාව 8 වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය එහි 7 වැනි ස්ථානයේද ඉන්දියාව දෙවැනි ස්ථානයේ හා දකුණු අප්‍රිකාව පෙරමුණේද පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *