පළමු 20 යි 20 තරගය හෙට… ශ්‍රී ලංකා සහ ඉන්දීය සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්යේ දී  ටි 10 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමගම ඉන්දියා කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වෙනවා.ඒ කතක් හිදීයි. විචාරකයන් පෙන්වා දෙන්නේ හෙට තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයකදී ඉන්දියාව ලකුණු 92 කට සියලුදෙනා දැවී ගොස් ඇති බවයි. ඒ 2015 වසරේදීයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 20 යි 20 තරගවලින් 7 ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ 4 ක් පමණයි. මෙම තරගයේදී ඉන්දියාව ඔවුන්ගේ පිතිකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා. හෙට තරගයේදී ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා සමගින් බොහෝ දුරට ලෝකේෂ් රාහුල් ආරම්භක පිතිකරු ලෙසට පිටියට පිවිසෙනු ඇතැයි මත පළවනවා. මේ අතර මෙවර 20 යි 20 තරගාවලියේ ඉන්දීය සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා. ඔවුන්ගෙන් තුන්දෙනෙකුම 20 යි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද හෙට තරගය වනු ඇති. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ ඉන්දීය සංචිතයට නායක රෝහිත් ශර්මා / ලෝකේෂ් රාහුල් / ශ්‍රෙයාස් අයියර් / මනීෂ් පාන්ඩේ / දිනේෂ් කාර්තික් / මහේන්ද‍්‍ර සිං ධෝනි / හර්ඩික් පාන්ඩ්යා / වොෂින්ටන් සන්ඩර් / යුස්වේන්ද්‍ර චහාල් / කුල්දීප් යාදෙව් / දීපාක් හූදා / ජස්ප්‍රිට් බුම්රා / මොහොමඩ් සිරාජ් / බැසිල් තම්පි සහ ජාදෙව් උනාද්කත් ඇතුලත්.    ශ්‍රී ලංකා සංචිතයට තිසර පෙරේරා / උපුල් තරංග / ඇන්ජෙලෝ මැතිව්ස් / කුසල් ජනිත් පෙරේරා / ධනුෂ්ක ගුණතිලක / නිරෝෂන් දික්වැල්ල / අසේල ගුණරත්න / සධීර සමරවික්‍රම / දසුන් ශානක / චතුරංග ද සිල්වා / සචිත් පතිරණ / අකිල ධනංජය / දුෂ්මන්ත චමීර / විශ්ව ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *