හතුරුත් එක්ක බංගලි සංචාරයට යන සංචිතය මෙන්න…

ඔස්ට්‍රේලියාවේ අළු බඳුන ටෙස්ට් තරගාවලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්යේ පැවති ටි10 ක්‍රිකට් තරගාවලිය ද නිමාවට පත්විය. එළඹෙන  නව වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා වැඩ බාරගත් චන්දික හතුරුසිංහ යෝජනා කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හතුරුසිංහගේ එම යෝජනාවට  ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පුහුණු සංචිතයක් නම් කර ඇති බව සඳහන්. මෙම පුහුණු වැඩසටහනෙන් පසු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් බංග්ලාදේශ තරඟ සංචාරය සඳහා නම් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි වාර්තා කරන්නේ. ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම පුහුණු සංචිතයට ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා සහ ලසිත් මාලිංග එක්කර නැහැ. ඉන්දියාව සමඟ තරඟාවලියට නම් නොකළ කුසල් මෙන්ඩිස් මෙම ක්‍රීඩකයින් 23 දෙනාට ඇතුළත්ව ඇති අතර නවක ක්‍රීඩකන් කිහිප දෙනෙක් මෙම විශේෂ පුහුණු සංචිතයට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. මෙම විශේෂ පුහුණු සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයින් මේ වන විට පැවැත්වෙන දේශීය තරඟාවලි සඳහා ක්‍රීඩා නොකර පුහුණු වැඩසටහන සඳහා සහභාගී වන ලෙස චන්දික හතුරුසිංහ එම ක්‍රීඩකයින්ට දැනුම් දෙනවා. මෙම විශේෂ පුහුණු වැඩසටහනට එක්වන ක්‍රීඩකයින් විසිතුන්දෙනා පහතින්. තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුසංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *