මහේල, මාලිංග යළිත් අලුත්ම විස්සයි විස්ස තරගාවලියකට..

ස්විස්ටර්ලන්තයේ ලබන වසරේ පෙබරවාරි මස 08 සහ 09 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විස්සයි විස්ස අයිස් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයර්ධන හා සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්යේ දී නිමාවුණු දහයයි දහය තරගාවලියෙදී මෙන්ම මෙම තරගාවලියද ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වන අතර තරගාවලිය සදහා විරේන්ද‍්‍ර ශෙවාග්, මොහොමඩ් කයිෆ්, මයික් හසි , ජැක් කලිස්, ඩැනියෙල් විටෝරි, නෙදන් මැකලම්, මොන්ටි ෆනීසාර් , ශහීඩ් අෆ්රිඩී වැනි ප‍්‍රවීණ ක‍්‍රීඩකයින්ද එක්විමට නියමිතව ඇත.විස්සයි විස්ස තරග ලෙස ක‍්‍රියාත්මක කිරීම සූදානම් කර ඇති මෙම තරගාවලිය තරගාවලිය තරගය දෙකකින් යුක්ත වන අතර පෙබරවාරි 8 සහ 09 යන දෙදින තුළ කි‍්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත. රෝයල්ස් කණ්ඩායම සහ ඩයමන්ඩ්ස් කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් තරගවදින මෙම තරගාවලියේ රෝයල් කණ්ඩායමට එංගලන්තය , පාකිස්තානය , දකුණු අප‍්‍රිකාව සහ නවසිලන්ත ක‍්‍රීඩකයින් අයත්ව සිටින අතර ඩයමන්ඩ්ස් කණ්ඩායම ඉන්දියාව, ශ‍්‍රී ලංකාව , ඔස්ටේ‍්‍රලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වල ක‍්‍රීඩකයින් ඇතුළත්ව සිටිති . තරගාවලියේ කණ්ඩායම දෙක සදහා මේ වන විට සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති ක‍්‍රීඩකයින් .Royals ///  Shahid Afridi (Pakistan), Daniel Vettori (New Zealand), Grant Elliot (New Zealand), Nathan McCullum (New Zealand), Monty Panesar (England), Owais Shah (England), Jacques Kallis (South Africa), Graeme Smith (South Africa) and Shoaib Akhtar (Pakistan), Abdul Razzaq (Pakistan),  //// Badrutt’s Palace Diamonds :   Virender Sehwag (India), Michael Hussey (Australia), Lasith Malinga (Sri Lanka), Mahela Jayawardene (Sri Lanka) and Mohammad Kaif (India), Dwayne Bravo (West Indies)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *