නව පුහුණුකරු අලුතින්ම හොයා ගත්ත සුපිරි වේග පන්දු යවන්නා මෙන්න – වීඩියෝ

නව බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිත් තියෙන්නේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ නිසා. ප්‍රේක්ෂකයෝ වෙන අපිත් විශ්වාස කරනවා ඔහු අපේ කණ්ඩායම යළි ගොඩනගයි කියලා.හැබැයි ඉතින් එකපාර මැජික් කරයි කියලා නම් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන එකනම් වැරදි… කොහොම වුණත් චන්දික හතුරුසිංහගේ කැමැත්තත මත දැනට ක්‍රීඩකයින් 23 දෙනෙක් ඔහු යටතේ පුහුණුවීම් ලබනවා. මේ 23 දෙනාට චන්දික තෝරගත්ත නවතම ක්‍රීඩකයා තමා ශෙහාන් මදුෂංක කියන්නේ. වයස අවුරුදු 22ක් වන දකුණතින් වේග පන්දු යවන ශෙහාන් මදුෂංක අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වෙනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ලකුණු හතක් ගෙන තරගයේ වීරයා වු චන්දිමාල් ලෝක කුසලානයට යන සිංහ පිළට දුන්නු උපදෙස මෙන්න … එළඹෙන ජනවාරි මාසයේදී නවසීලන්තයේදී ක්‍රිකට් ලෝකයම දෑස් යොමා සිටින තරඟාවලියක් පැවැත්වීමට නියමිත අතර ඒ 19 පහල ලෝක කුසලාන තරඟාවලියයි.මෙම තරඟාවලිය කොතරම් වැදගත්ද යන්න මනාව තහවුරු වන්නේ මෑත කාලයේ ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වූ බොහෝ ක්‍රීඩකයන් යොවුන් ලෝක කුසලානයේ වැඩ පෙන්වූ ක්‍රීඩකයන් වන නිසාවෙනි.ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා සහ ඉන්සමාම් උල් හක් යන හිටපු ක්‍රිකට් නායකයන් තිදෙනාම 1988 පැවති සමාරම්භක යොවුන් ජගත් කුසලානයට ක්‍රීඩා කළ බව ක්‍රීඩකයන් වන අතර එතැන් සිට බොහෝ දක්ෂයන් මෙම තරඟාවලිය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන අකාරය දැකගත හැක.තිලිණ කණ්ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ලහිරු තිරිමාන්න 19 න් පහළ ජගත් කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් අනතුරුව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අනෙක් ක්‍රීඩකයන් වන අතර මොවුන්ට අමතරව තවත් ක්‍රීඩකයන් ගණනාවක්ම යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කල අතර මේ සඳහා ආසන්නම උදාහරණ ලෙස පසුගිය 19න් පහල ලෝක කුසලානය නියෝජනය කිරීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමට පැමිණි ලහිරු කුමාර,අසිත ප්‍රනාන්දු සහ වනිදු හසරංග හැඳින්විය හැක.ශ්‍රී ලංකාවට අමතරව තවත් බොහෝ රටවල යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම මෙහෙයවා ඇති අතර ,ක්‍රීඩකයන් ගණනාවක්ම ජාතික කණ්ඩායම් නියෝජනයේ අවස්ථාවද ලබා ගෙන ඇත.යොවුන් ජගත් ශූරතාවලියේ දස්කම් පා ක්‍රීඩකයන් පසුගියදා ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය ද ඇතුළුව ටෙස්ට් රටවල් 11 ක නායකත්වයට පත් වී සිටිති.කෙසේ වුවත් ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මෑත දී බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයන් මේ අතරට ඇතුළත් නොවේ.12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන වසරේ ජනවාරි 13 වෙනි දින ආරම්භ වීමට නියමිත අතර මේ වෙනුවෙන් අයිසීසීය පලකල වාර්තාවක සඳහන් වන පරිදි යොවුන් කුසලානයේ දක්ෂතා දක්වා සිය රටේ නායකත්වයට පත් වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට ප්‍රබල අවධානය යොමු වී තිබෙන්නේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් කෙරෙහිය.ඔවුන් තිදෙනාම 2008 යොවුන් ජගත් ශූරතාවලියේ පෙළහර පෑ ක්‍රීඩකයන්ද වන අතර .2010 යොවුන් ලෝක කුසලාන ශූරතාවලියේ ක්‍රීඩා කළ එංගලන්ත පිලේ ජෝ රූට් මෙන්ම පකිස්තානයේ සෆ්රාස් අහ්මඩ්, දිනේෂ් චන්දිමාල්, බටහිර ඉන්දීය කොදෙවු පිලේ ජේසන් හෝල්ඩර් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ග්‍රැහැම් ක්‍රීමර් ද මේ වනවිට තම රට වල ජාතික කණ්ඩායම්වල නායකත්වය හොබවන ක්‍රීඩකයෝය.ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් එළඹෙන යොවුන් ලෝක ශුරතාව වෙනුවෙන් ICCනිල වෙබ් අඩවියට සටහනක් තබමින් එළඹෙන තරඟාවලියේ ක්‍රීඩා කරන නවකයන්ට පණිවිඩයක් ලබා දී ඇත.ඔහු පවසා ඇත්තේ මෙම තරඟාවලිය වැඩ පෙන්නන්ට ඇති හොඳම අවස්තාවක් බවය.“ඇත්තටම මේ අවස්තාව නවකයන්ට වැඩ පෙන්වන්න තියන හොඳම අවස්තාවක්,තරඟාවලිය ගැන ලෝකයම බලාගෙන ඉන්නවා ඒ නිසා වැඩ පෙන්නන අයට ලොකු අවස්තාවක් ලැබෙනවා ක්‍රිකට් ජීවිතය හදා ගන්න.”එමෙන්ම චන්දිමාල් තමාගේ අතීත මතකයක්ද මෙහිදී සිහිපත් කර ඇත. “මට මතක් වෙනවා මම ක්‍රීඩා කරපු යොවුන් ලෝක කුසලානයේ තරඟයකට,ඒ තරඟයේදී මම ලකුණු හතයි ගත්තේ.හැබැයි මම තරඟයේ වීරයා වුනා,තරඟය තිබුනේ ඕස්ට්‍රේලියාව එක්ක,මට තරඟයේ වීරයා වෙන්න හේතු වුනේ කඩුලු රකිනෙක් විදියට උඩපන්දු 7ක් ගත්ත එක ස්ටම්ප් කිරීමක් කළා,ඒ වගේම දුවද්දී දැවී යාමකටත් සහය වුනා.මම හිතන්නේ කඩුලු රකිනෙකුගේ දක්ෂතාවලට විතරක් තරඟයේ වීරයා සම්මානය දීපු එකම අවස්තාව මේක වෙන්න ඇති.”

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස්ට හිමිවී ඇති අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ජෙහාන් ඩැනියෙල් එහි උප නායකයා ලෙස කටයුතු කරයි.ගාල්ල රිච්මන්ඞ්, මහනුවර ත්‍රිත්ව, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් යන විදුහල් වලින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, කොළඹ ශාන්ත ජෝශප්, කඳාන ද මැසිනොද්, ගල්කිස්ස සාන්ත තෝමස්, ගාල්ල මහින්ද, වෙන්නප්පුව ජෝශප් වාස්, මොරටු මහ විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර යන විදුහල් වලින් එක් ක්‍රීඩකයා බැගින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 16 ක් සහභාගිවන අතර ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.මෙම තරඟාවලියේ ඉහල දක්ෂතා දක්වමින් තරඟාවලියේ කණ්ඩායම වැඩ පෙන්වන අතරම ශ්‍රී ලංකාවට මෙම තරඟාවලිය හරහා තවත් දක්ෂ ක්‍රීඩකයන් ගණනාවක් ජාතික කණ්ඩායම පැමිණේවා යන්න අපගේ පැතුමයි. ශ්‍රී ලංකා වයස 19 පහළ සංචිතය  /// කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අෂේන් බණ්ඩාර, ක්‍රිෂාන් සංජුල, නිෂාන් මධුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, හරීන් බුද්ධිල, තිසරු රශ්මික, කළණ පෙරේරා සහ නිපුන් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *