ශ්‍රී ලංකාවට 2018 වසරේ ඇරඹුමේ ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි හිමි තැන

එක්දින ශ්‍රේණිගත කිරීම්වල 2017 වසරේ පළමු වන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.දෙවන ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි.ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ මෙම ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයයි.මේ අතර, 20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය පාකිස්ථානයට හිමිව ඇති අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.එම සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් පහතින්.

කඩුලු දහය බැගින් 05යි… කඩුලු 5 බැගින් අවස්ථා 12යි.. ප‍්‍රබල පන්දුයවන්නන් පරදා මාලින්ද ලෝකයෙන්ම එක වෙයි..2017 වර්ෂයේ පළමු පෙළ කඩුලු ලබාගත් ක‍්‍රීඩකයින් අතර පළමු ස්ථානය ශ‍්‍රී ලංකවේ වමත් දග පන්දු යවන ක‍්‍රිඩක මාලින්ද පුෂ්පකුමාර හට හිමිව තිබෙනවා.මාලින්ද, චිලෝ මේරියන්ස් ක‍්‍රිකට් සමාජය ,ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ඉනිම් 27කදී කඩුලු 115ක් දවා ගැනීමට සමත්ව ඇත.ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවිම ලකුණු 127කට කඩුලු 08ක් වන අතර තරගයක හොදම පන්දු යැවීම ලකුණු 205කට කඩුලු 13ක් වශයෙන් සටහන් වෙයි.පන්දුවාරයකට ලකුනු ලබාදීමේ සාමාන්‍ය 2.87ක් වැනි ඉතාමත් අඩු අගයක් පවත්වාගෙන යාමට මාලින්ද සමත්වී ඇති අතර කඩුලු 05 බැගින් ලබාගත් අවස්ථා 12ක් සහ කඩුලු 10 බැගින් ලබාගත් අවස්ථා 05ක්ද සටහන් වෙයි.දෙවැනි ස්ථානය ඉනිම් 41කදී කඩුලු 102ක් දවා ගත් දකුණු අප‍්‍රිකාවේ සිමන්ස් රොස් හැමර් හට හිමිව තිබෙයි.හැමර් එසෙක්ස් හා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම දස්කම දක්වා ඇති අතර ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 95කට කඩුලු 09ක් ලෙසත් තරගයක හොදම පන්දු යැවීම ලකුණු 128කට කඩුලු 14ක් වශයෙන් සටහන් වෙයි. එම ලැස්යිතුවේ තෙවැනි ස්ථානය ඉන්දියනු කණ්ඩායමේ ප‍්‍රබල දගපන්දු යවන ක‍්‍රිඩක රවිචන්ද‍්‍රන් අශ්වින්ට හිමිව තිබේ.අශ්වින් ඉන්දියානු කණ්ඩායම , තමිල්නාඩු කණ්ඩායම හා වොස්ටෂියර් කණ්ඩායම් නියෝජනය කරමින් ඉනිම් 34කදී කඩුලු 87ක් බිද හෙළා ඇත.ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 41කට කඩුලු 06ක් ලබා ගැනීමට වන අතර තරගයක හොදම පන්දු යැවීමට ලෙස සටහන් වන්නේ ලකුනු 125කට කඩුලු 08ක් දවා ගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *