තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවතට… යෝජිත නම් අතර එජාපයේ ප‍්‍රබලයින් දෙදෙනෙකු ඉදිරියෙන්?

මෙම වසරේ මැයි මස 26 වැනිදා ශ‍්‍රී් ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය අවසන් වන බවට මාධ්‍ය වාර්තා පළවෙයි.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික රැුස්වීම මැයි මස 26 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම දිනයේදී සුමතිපාල මහතා වෙනුවට වෙනත් අයෙකු ක‍්‍රිකට් සභාපති ලෙස පත්වනු ඇති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තිලංග සුමතිපාල තවත් වරක් එම ධූරයට තරගවැදීම සම්බන්ධයෙන් සිය අකමැත්ත ප‍්‍රකාශ කර ඇති බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීති අනුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යම් අයෙකු සභාපති ධූරට සදහා තරගවැදීම නතර කිරීමට සදහා අයිතිය තිබෙන බවත් එම වාර්තා තවදුරටත් දක්වයි.තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දරුණු පරාජයට ලක්වු අතර නායකයින් 7 දෙනෙකු යටතේ තරග 57කදී ජයගත හැකි වුයේ තරග 14ක් පමනි.තරග 40ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට සිදුවිය.ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත නිදහස් කුෂලානය තිලංග සුමතිපාල මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වදින අවසන් තරගාවලිය වන අතර එම තරගාවලිය ඉන්දියාව බංගලාදේශ කණ්ඩායම් සමග පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.තිලංග සුමතිපාල මහතාගෙන් පසු එම ධූරයට පත්කිරීමට යෝජිත නම් අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් දෙදෙනෙකු සිටින බවද එම ආරංචි පවසයි.

2018 ලංකාව පළමු තැන දෙමින් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේදීම ‘කොලින් මුන්රෝ’ තැබූ වාර්තාව මෙන්න..  නවසීලන්ත කන්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම   අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.2018 වර්ෂයේ අලුත් අවුරුදු ආරම්භයත් සමග පැවැති මෙම තරගයේ ක‍්‍රීයාත්මක කර හැකි වුයේ පන්දුවාර 09ක් පමණි.තරගයේ කාසිය වාසිය දිනු කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 09කදී කඩුලු 04ක් දැවීලකුණු 102ක් ලබා සිටියහ. ආරම්භක පිතිකරු ලෙස පැමිණි ප‍්‍රහාරාත්මක පිතිකරු මාටින් ගප්ටිල් හට වැඩි වෙලා පිටියේ රැුදී සිටිමට වේග පන්දු යවන ක‍්‍රිඩක කොට‍්‍රල් ඉඩ ලබා නොදුන් ඔහු එවු පන්දුවකට කඩුලු රකින ක‍්‍රිඩක වෝල්ටන් හට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලකුණු 02ක් ලබා සිටියහ.අනතුරුව ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කොලින් මුන්රෝ පන්දු 18කදී සිය අර්ධ ශතකය රැුස් කිරීමට සමත් වු අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරවකු ලබාගත් දෙවැනි වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසද එය වාර්තා අතරට එක්විය.නවසීලන්ත පිතිකරුවකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයද මුන්රෝට හිමිවන අතර පසුගිය වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පන්දු 14කදී මුන්රෝ අර්ධ ශතකය රැුස් කරගත්හ.ප‍්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 23කදී හයේ පහර 03ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 66ක් රැුස් කිරීමට සමත් වු අතර කෙස්රික් විලියම්ස් එවු පන්දුවකට පවෙල් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට විලියම්ස් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 75ක් සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්විය.පළමු තරගයෙදී විශිස්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් තරගයේ විරයා සම්මානය දිනා ගත් ග්ලෙන් පිලිප්ස් හට මෙම තරගයේදී රැුස් කරගත හැකි වුයේ ලකුණු 10ක් පමණිසැමුවෙල් බද්රී එවු පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිලිප්ස් දැවී යන විට පන්දු 05කට මුහුණු දෙමින් එක් හයේ පහරකින් සිය ඉනිමක එක් කොට තිබුණිතරගය නතර කරන විටදී නායක විලියම්සන් නොදැවී ලකුණු 17ක්ද කිචන් එක් ලකුණක්ද ලබා ගෙන සිටි අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කොට‍්‍රල්, බද්රී ,විලියම්ස් හා නර්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *