ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානය දක්වා නම්කල නිත්‍ය නායකයා මෙන්න…

ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තරඟාවලි වලින් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර නායකයෙක් පත් කිරීමට සාකච්චා පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ අතුරු ආරංචි මාර්ග තුලින් දැනගන්නට ලැබී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ පමණක්  එක්දින නායකයන් 6 කට වඩා පත් කර ඇති අතර, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, කපු ගෙදර , තිසර පෙරේරා ඒ අතර වේ. පසුව එක්දින කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට බාරදුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ නායකත්වය යටතේද තරඟාවලිය පරාජය වූ අතර තිසර පෙරේරාර නායකත්වය ලබා දුන්නේ කිනම් පදනම මතදැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණුද අප දුටුවෙමු. එම ප්‍රශ්නයට නිවැරදි ප්‍රශ්නයක් වනුයේ, තිසර පෙරේරා නායකයා වුවද, පන්දුවෙන් හෝ පිත්තෙන් කිසඳු දක්ෂතාවක් නොදැක්වීමයි.කෙසේ නමුත්  දිගින් දිගටම මෙසේ ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුනුකාරත්වය චන්දික හතුරුසිංහ මහතාට පැවරී තිබෙන අතර, ඔහු දැනටමත් කණ්ඩායම ගොඩ ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරමින් තිබෙන අතර, ඔහුගේ සහයට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවද එක් වෙමින් පවසා සිටින්නේ එළඹෙන බංගලාදේශ සංචාරයට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවත මාරු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර එක්දින නායකයෙකු ඉදිරියේදී පත්වනු ඇත. ඒ අනුව බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජිලෝ මැතිව්ස් බොහෝ දුරට නායකත්වය හිමි වනු ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී ඇන්ජිලෝ මැතිව්ස් අබාද වලට ලක්වන් නිසා චන්දිමාල් එක්දින සහ ටෙස්ට් තරග සදහා නිත්‍ය නායකයා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් සදහන් වෙයි.

රොෂාන් නව ක්‍රිකට් ලේකම් ..පත්වීම මෙම මස 07 වැනිදා ..   ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු රොෂාන් බියන්විල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් කිරීමට ඊයේ පස්වරුවේ හදිසියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙම පත්වීම සඳහා මේ මස 7දා පැවැත්වීමට නියමිත අතිරේක මහා සභා රැස්වීමේදී අනුමැතිය ලබා ගත යුතු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා දේශීය ක්‍රිකට් භාර උප සභාපතිවරයා තනතුරට පත් කිරීමෙන් ලේකම් තනතුරේ පුරප්පාඩු ඇතිවිය. රොෂාන් බියන්විල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම නව ලේකම් තනතුරට පත් කළ අතර ආරක්ෂක සේවා ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් බියන්විල මහතා ක්‍රිකට් විධායක සභාවට පත්ව සිටියේ යුද, ගුවන් හා නාවික යන හමුදාවන් අතරේ වසර දෙකකට වරක් හිමිවන වසර 2ක කාල සීමාව ඔහු වෙතද ලැබූ නිසාය. කෙසේ වෙතත් මෙම නව ලේකම් තනතුර සඳහා විධායක කමිටු සාමාජික සමන්ත ‍ෙදාඩන්වෙල මහතාගේ නමද යෝජනා වී තිබූ බවද පැවැසෙන අතර ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බියන්විල මහතාගේ නම යෝජනා වී ඇත. තවද බියන්විල මහතා ගුවන් හමුදාවේ ක්‍රීඩා භාරව කටයුතු කරමින් අවංක සහ කාර්යශූර නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *