කණ්ඩායමේ ස්ථානය ලසිත් මාලිංගට අහිමිවීමට හේතුව මෙන්න..

අංක එකේ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංගට වර්තමානයේ කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. එළැඹෙන බංගලාදේශ හා සිම්බාබ්වේ කන්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ මුලික සංචිතයෙන්ද මාලිංගව ඉවත් කර තිබේ. ඒ පිළිබදව අද’ හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විවේක ගැන්වීම පිළිබඳව තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසා සිටි බවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇති බව තේරීම් කමිටුව පැවසූ බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“බංග්ලාදේශ සංචාරයට ඔහු විවේක ගන්වා තිබෙනවා කියා වාර්තා පළවෙනවා. තේරුම් කමිටුවත් සමග සාකච්ඡා කළාම කිව්වේ තරුණ ක්‍රීඩකයන් සම්බන්ධ කර ගත යුතුයි කියලයි.කවුරුවත් එළියට දාන්නවත්, ඇතුළත ගන්නත් අපට අවශ්‍යතාවක් නැහැ. හතුරුසිංහත් ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වෙනවා. සමහර එළියෙන් තබපු ක්‍රීඩකයන් ගැන මම සාකච්ඡා කළා. මට බලහත්කාරයෙන් නමක් දාන්න අවශ්‍ය නැහැ.”යැයි පවසා සිටියේය.එළැඹෙන තුන්කොන් තරගාවලිය සදහා පසුගියදා නම් කළ 23දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයට ලසිත් මාලිංග ඇතුළත් නොවු අතර ලසිත් මාලිංග අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරුනු ලැබුවේ ඉන්දියානු කන්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගයයි. කෙසේ වෙතත් ලසිත් මාලිංග පසුගියදා ක‍්‍රික් ඉන්ෆෝ වෙඩ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පවසා සිටියේ තමාගේ මීළඟ ඉලක්කය 2019 ලෝක කුසලානය බවත් තමාට විවේක දුන් කරුණ සිතාගත නොහැකි බවත්ය. “මම තොරාගන්නවනම්,මම උපරිම සුදානමින් ඉන්නේ. මට හිතාගන්න බෑ ඇයි මට අවස්ථාව දෙන්නේ නැත්තේ කියල.සාමන්‍යයෙන් අවරුදු 25 -26 වගේ ක්‍රීඩකයන්ට විවේක දෙනවා.මොකද තව කාලයක් එයාලගෙන් ජාතික කණ්ඩායමට වැඩ ගන්න පුළුවන් නිසා.අපේ වයසේ අයට එහෙම විවේක දෙන්නේ මොනවටද ,තව අව්රුද්දක් දෙකක් ඕනනම් ක්‍රිකට් ගහයි,ඉතින් ඒ කාලේ ක්‍රිකට් ගහන්න නොදී විවේක දුන්නම ක්‍රිකට් ගහන්නේ කවදද,මට හිතන්න බෑ ඔවුන් මතු කරන කතාවේ තේරුම මොකද්ද කියල.” “මම ආභාදයෙන් පස්සේ කණ්ඩායමට ආවට පස්සේ තරඟ 13 කදී කඩුලු 10ක් ගත්ත .මගේ පලවෙනි අව්රුදෙත් මට වැඩිය කඩුලු ගන්න ලැබුනේ නෑ.හැබැයි ඊට පස්සේ මම අවරුදු 14ක් ලංකාවට සාර්ථක ක්‍රීඩා කලා.මම කියපු තරඟ 13 දී මගේ පන්දු වලට උඩපන්දු 12 ක් අතැරලා තියනවා, “මම කපන්නේ මගේ දක්ෂතා නැතුව කියල කවුරුවත් කියල නෑනේ,එහෙමනම් දක්ෂතා පෙන්නලා නැවත කණ්ඩායමට එන්න පුළුවන්.හැබැයි එතන තියෙන්නේ වෙන හේතුවක් නම් තේරීම් කමිටු වෙනස් වෙනකන් ඉන්න වෙනවා කණ්ඩායමට එන්න..මම ක්‍රිකට් නතර කරලා නෑ,ඒ නිසා තවමත් මට අවස්ථාව තියන තැන් වල මම ක්‍රීඩා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *