විස්සයි විස්ස හා එක්දින නායකත්වය මැතිව්ස්ට…

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර එම අයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කර සිටියේය. පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව තරග 3-2ක් ලෙස ලද පරාජයෙන් පසුව මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසුව උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔවුන් කිසිවකුට නායකයෙකු ලෙස සාර්ථක වීමට නොහැකි විය. එසේම එම කණ්ඩායම දෙකෙහි උපනායකත්වයට කුසල් ජනිත් පෙරේරාව පත් කරන බවද මෙහිදි ප්‍රකාශ විය. එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක්තවයට දිනේෂ් චන්දිමාල්වම පත් කෙරෙන බවත් ටෙස්ට් නියෝජ්‍ය නායකත්ව‍ය රංගන හේරත් පත් කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

පහසු ජයකට මාන බැලු කෝලි ට ෆිලැන්ඩර්ගෙන් මංගල තෑග්ගක්..  සංචාරක ඉන්දියානු කන්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර කෙප්ටවුන්හි නිව්ලන්ඩ් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 72ක ජයක් හිමිකරගැනීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අද සමත් විය.ජයග‍්‍රහණය සදහා ලකුණු 208ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානු කන්ඩායමට ප‍්‍රබල දකුණු අප‍්‍රිකාණු පන්දුයවන්නන් හමුවේ ලබාගැනීමට හැකි වුයේ ලකුණු 135ක් පමණි.ඉන්දියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු රවිචන්ද‍්‍රන් අශ්වින් හතරේ පහර 05ක් සමගින් ලකුණු 37ක් රැස් කිරීමට සමත්වු අතර බුවනේෂ්වර් කුමාර් සමග එක්වෙමින් 08වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ද පැවැත්වීමට සමත්විය.ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු විරාත් කෝලි හතරේ පහර 04ක් සමගින් ලකුණු 28ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුනු 20 සීමාව පසුකිරීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.පන්දු යැවීමේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීම නිරත වු වර්නන් ෆිලැන්ඩර් සිය ටෙස්ට් දිවියේ හොදම පන්දුයැවීම වාර්තා කරමින් ලකුණු 42කට කඩුලු 06නක් දවා ගැනීමට සමත් වු අතර මෝර්නි මෝර්කල් හා කාගීසෝ රබාඩා කඩුලු 02 බැගින් දවා ගත්හ. තරගයේ කාසිය වාසිය දිනාගත් දකුනු අප‍්‍රිකානු කණ්ඩායමේ නායකයා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා ලකුණු 286කට සීමා කිරීමට බුවනේෂ්වර් කුමාර් ඇතුලු පන්දුයවන්නෝ සමත් වුහ. දකුණු අප‍්‍රිකානු ප‍්‍රථම ඉනිම වෙනුවෙන් ඒබී ද විලියර් ලකුණු 65ක් ලබා ගත් අතර නායක ඩුප්ලේසිස් ලකුණු 62ක් ලබා ගැනීමට සමත්විය.පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර් කඩුලු 04ක් ලබා ගත් අතර රවීචන්ද‍්‍රන් අශ්වින් කඩුලු 02ක් ලබා ගැනීමට සමත්විය. අනතුරුව පළමු ඉනිම ක‍්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු කණ්ඩායමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වු අතර පන්දුවාර 73යි පන්දු 04ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 209ක් පමණි.
එහිදී හර්දීක් පාණ්ඩ්‍යා ඉන්දියාවේ ප‍්‍රථම ඉනිමේ ගෞරවය බේරා ගනිමින් වේගවත් ලකුණු 93ක් රැස් කළ අතර අනෙක් පිතිකරුවන්ගෙන් කිසිදු ක‍්‍රීඩකයකුට ලකුණු 30 සිමාව පසුකිරීමට අප‍්‍රිකානු පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබිණි.අනතුරුව ලකුණු 77ක පළමු ඉනිමේ වාසියක් සමගින් පිටියට පැමිණි දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට යළිත් වරක් අභියෝග කිරීමට ඉන්දියානු වේග පන්දු යවන්නන් සමත්වු අතර ප‍්‍රබල අප‍්‍රිකානුවන්ගේ දෙවැනි ඉනිම ලකුණු 130කට සීමා කිරීමට සමත්විය.එහිදී හුදකලා ඉනිමක් ක‍්‍රිඩා කළ ඒ බි ද විලියර්ස් ලකුනු 35ක් රැස් කරගත් අතර අදීන් මාක්රම් ලකුණු 34ක් රැුස් කරගැනීමට සමත්වියයළිත් වරක් පන්දුවෙන් දස්කම් දැක්වු වේගපන්දු යවන්නන් වන මෙහොමඩ් සාමි හා ජස්ප‍්‍රීත් බුම්රා කඩුලු 03 බැගින් ද බුවනේෂ්වර් කුමාර් කඩුලු 02 බැගින්ද දවාගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *