මුහුණු පොතෙන් හමුවූ මගේ පෙම්වතිය – චිලී

සති අන්ත පුවත් පතක් හා යෙදුන පිලිසදරකදී ජනප්‍රිය ගායක චිලි තිලංකගේ ආදර කතාව ගැන කියයි.

ඔබ පෙම්වතෙක්‌ වන්නේ පාසල් සමයේදිමද?

නැහැ. ඉස්‌කෝලෙ යන කාලෙ මම ආදරයක්‌ ගැන හිතුවෙම නැහැ. මම පාසල් වියෙත් ආකර්ශණීය චරිතයක්‌ වුණාට ගැහැනු ළමයි සම්බන්ධව මම හරිම ලැඡ්ජා සහගත චරිතයක්‌. ඒ නිසා පෙම්වතෙක්‌ වෙන්න මට හිතුණෙ නැහැ. ඇත්තම කියනව නම් මට ඒ ගැන උනන්දුවක්‌ තිබුණෙත් නැහැ.

චිලි බලාපොරොත්තු වුණ කෙනා මොනවගේද?

මම බලාපොරොත්තුවෙන් හිටියෙ ප්‍රථමයෙන් කෙනෙක්‌ දැක්‌ක ගමන් මට එයා ගැන ආදරයක්‌ ඇතිවෙලා ආදරය මගේ කරගන්නයි. ඇත්තම කියනව නම් ලස්‌සන තිබුණට වෙනත් ආකර්ශණීය ලක්‌ෂණ තිබුණට මගේ හිත එයා ගැන හැඟීමක්‌ ඇතිවුණේ නැහැ. ඒ නිසා ක්‍ෂේත්‍රයට ඇවිල්ලත් ටික කාලයක්‌ යනතුරු මම පෙම්වතෙක්‌ වුණේ නැහැ. මට කෙනෙක්‌ව දැනුණෙ නැහැ.

ආදරයට ලබන්න හා ආදරය කරන්න සියලුම සාධක ඔබ ළග තියෙද්දි ඔබ නිරුත්තරව බලා හිටියාද?

චිත්‍රපටවලින් පොත්වලින් කියවෙන ආදරයට වඩා සැබෑ ආදරය වෙනස්‌ කියල මම හඳුනගෙන හිටිය කෙනෙකුගෙ හිතේ කෙනෙක්‌ ගැන. ආදරය ඇතිවෙනව කියන එක වෙනමම දෙයක්‌. ඒත් කාලයක්‌ යද්දි මට හිතුණ මෙහෙම හිටියොත් මම තනියමම ජීවිතය ගෙවල දමයි කියල ඒ නිසා මම හිතුව මට ආදරය හිතෙන කෙනෙකුට ආදරය කරල බලන්න ඕනැ කියල.

චිලීගේ පළමු පෙම කව්ද?

ඒ අනුව මම ආදරයක්‌ පටන් ගත්ත. ඒ වෙද්aදි මම ක්‍ෂෙත්‍රයේ ජනප්‍රිය වෙමින් හිටිය කාලය ඇය ගුවන් සමාගමක රැකියාව කළ යුවතියක්‌. ඒත් ඔය ආදරය පටන් අරන් ටික කාලයක්‌ යද්දි මට දැනුණා ඒක මට ගැලපෙන්නෙ නැහැ කියල එතන ඉන්නෙ මම නෙවයි කියල. තවදුරටත් එයාට බොරුවක්‌ කරන්න මට ඕන වුණේ නැහැ. ඒක මට විඳින්න අපහසු ආදරයක්‌ කියල වැටහුණාට පස්‌සෙ මම තීරණයක්‌ ගත්ත.

ඊට පස්‌සෙ?

ඊට පස්‌සෙ අපහසුවෙන් වුණත් මේ නොගැලපීම ගැන මම ඇයට වටහල දුන්න. අපිට තවදුරටත් මේ සම්බන්ධය අරගෙන යන්න බැහැ කියල. ඉන් පසුව අපි වෙන්වුණා.

ඉන්පසුව චිලී ආදරය කරන්න ආදරය විඳින්න උවමනා වුණේ නැතිද?

ඊට පස්‌සෙ ප්‍රේම සබඳතා දෙකක්‌ විතර තිබුණා. ඒ හැම දෙයක්‌ම මට නොගැලපෙන තැනම තීරණය කළා, ඒ ආදර සබඳතාවලට සමුදෙන්න.

ඒත් අද ඔබ සත්වසරක්‌ වියපත් ප්‍රේමයක හිමිකාරයෙක්‌?

ඊට පස්‌සෙයි මම දැන් ආදරය කරන රිනී මට හමුවුණේ. එයාව නම් මම දැක්‌ක දවසෙම වෙනසක්‌ දැනුණා. මෙයා මට ගැලපෙන ගැහැනු ළමයා කියල මට හිතුණා.

චිලීට රිනීව හමුවුණේ ඔබේම රසිකාවියන් අතරින්ද?

එයා මට හමුවුණේ මුහුණු පොතෙන්. අපි හඳුනාගන්න කාලය වෙද්දි එයා පදිංචි වෙලා හිටියෙ ඉතාලියෙ. මුහුණු පොතේ මිතුරන් වුණ අපි ටික කාලයක්‌ මුහුණු පොතෙන් චැට්‌ කළා. පස්‌සෙ එයා ආව මාව දකින්න ලංකාවට.

ඇය ලංකාවට එද්දි මිතුරිය පෙම්වතිය වෙලාද හිටියෙ?

නැහැ අපි හොඳ මිතුරන් විදිහටයි පළමු හමුවීම සිදුවුණේ. එදාම මට ඇය ගැන ආදරයක්‌ ඇතිවුණා. මම මගේ ආදරය ප්‍රකාශ කළා.

දැනටත් ඇය පදිංචි වෙලා ඉන්නෙ විදේශයකද?

නැහැ ඇය දැන් ලංකාවේ ඉන්නෙ. ඇගේ දෙමවුපියන් විදේශයක හිටියත් රිනී මා නිසාම ලංකාවේ ඉන්න තීරණය කලා. මගේ ව්‍යාපාරයේ ඇඳුම් නිර්මාණය කරන්නෙත් ඒ ව්‍යාපාර කටයුතුවලට සහය දෙන්නෙත් රිනී තමයි.

චිලීගේ විවාහයත් අත ළගට ඇවිත්ද?

විවාහ වෙන්න ඕනෑ ඒත් දැන්ම ඒ ගැන සැලසුමක්‌ නැහැ. ඉදිරි කාලයේ එය සිදුවේවි.

ආදර හිතෙන් දුන්න පළමු තිළිණය මොකක්‌ද?

මම රිනීට පෙන්ඩන්ට්‌ එකක්‌ තෑගි දුන්න.

ඔබලා දෙදෙනාගේ ආදරයට වැඩිහිටි ආශිර්වාදයත් චිලී අපේක්‌ෂා කළාද?

ඇත්තටම ප්‍රේම සබඳතාවක්‌ පටන් ගනිද්දි දෙමවුපියන් දැනුවත් නොකළට විවාහය වගේ දේකදි අනිවාර්යෙන්ම දෙමවුපියන් දැනුවත් කරල ඔවුන්ගෙ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න ඕනැ කියලයි මම හිතන්නෙ.

තාරුණ්‍යයේ සිහින කුමාරයෙක්‌ වෙලා ඉන්න චිලීට පෙම්බඳින රසිකාවියොත් ඇති නේද?

ඉන්නව ගොඩක්‌ යුවතියන් මට ආදරය කරනව. එයාල ආදරෙයි කියල කියනව ඔවුන් මගේ හඬට රූපයට ආදරය කරන පිරිසක්‌ විතරයි. ඒත් ඒ ආදරය ඒක පාර්ශවික ආදරයක්‌ විතරයි මට පුළුවන් ඒ අයට කරුණාව දක්‌වන එක විතරයි. මට එයාලට ආදරය දෙන්න බැහැ කියල කාලයක්‌ යද්දි ඒ අය තේරුම් ගන්නව. පසුව ඔවුන් රසිකත්වයෙන් හා මිත්‍රත්වයෙන් මා හා ඇසුරු කරනව.

බාහිරෙන් හරිම සෙල්ලක්‌කාර තරුණයෙක්‌ වගේ පෙනෙන චිලී ඇතුලාන්තයෙන් හැඟුම්බර කෙනෙක්‌ද කියල මට හිතෙනව.

සාමාන්‍ය ජීවිතය බාහිරින් පෙනෙන දේ නෙවෙයි මගේ ඇතුළාන්තය. විශේෂයෙන්ම ආදරය කියන මාතෘකාවෙදි මම ගොඩක්‌ වගකීමෙන් හිතන කෙනෙක්‌. ආදර සබඳතාවයකදි අනෙකාට උපරිම සාධාරණයක්‌ ඉටුකරන්න මම උත්සාහ කරනව.

ජනාධිපති තාත්තාට කවිකාරිය සටහනක් තබා අවසන් ගමන් යයි

සමහර වෙලාවට මේ ජීවිතේ හැමදේම අත්හැරලා අපිට යන්න වෙන්නේ හිතාගන්නවත් බැරි වෙලාවක.ඒ වගේම ලෙඩ දුක් කරදර හැම ජීවිතයකටම උරුම දේවල්.තරුණ වයසෙදිම ජීවිත Continue reading “ජනාධිපති තාත්තාට කවිකාරිය සටහනක් තබා අවසන් ගමන් යයි”

මම අවුරුදු 10 ක පෙම්වතියක්, ආසයි එහෙම ආදරයක්‌ ලැබෙනකොට – ඉමායා ලියනගේ

ඇය ලෝකයක්‌ දන්න සුරූපිණියක්‌. රූප රාජිනියක්‌. ඒ තරම් ඇය වාසනාවන්තයි.ඒ වාසනාව හැමෝටම නැති වාසනාවක්‌.රූප රාජිනියක්‌ වෙන්න හැමෝටම බැහැ. නමුත් ඒ රූපරාජිනියන් අතරට ආ මේ සුරූපිණිය 2014 මිස්‌ ශ්‍රී ලංකා ලෙසින් කිරුළු පැළදුවා. ඇය දැන් රංගන ශිල්පිනියක්‌. Continue reading “මම අවුරුදු 10 ක පෙම්වතියක්, ආසයි එහෙම ආදරයක්‌ ලැබෙනකොට – ඉමායා ලියනගේ”

ගංගා මෑණියන්ව හමුව ආශිර්වාද ලබාගත් බවට පැතිරෙන කටකතාවට චන්දිමාල් පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ගංගා මෑණියන්ව හමුවී ආශිර්වාද ලබාගත් බවට පැතිරගිය කතාව පසුගිය දවස්වල පැතුරුණු ආන්දෝලනාත්මක කතාවක් වුණා.මේ කතාවෙහි ඇත්ත නැත්ත අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දිනේෂ් චන්දිමාල්ගෙන් කළ විමසීමකදී කියා තිබෙනවා.ඒ අනුව ඔහු කියා ඇත්තේ සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දෙයකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බවයි.“ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී චන්දිමාල්ගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ “එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.මෙම අශිර්වාද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ බවටද කරුණු වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් චන්දිමාල් මෙලෙස අදහස් දැක්වුවා.“එහෙම මාව යොමු කළේ නැහැ. ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යනුවෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

හේතුව මෙන්න.. ඉන්දු – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ වෙනසක්..

ඉන්දියානු කන්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය දෙක පැවැත්වෙන වේලාවන් වෙනස් කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙසැම්බර් මස 10වැනි දින හා 13වැනි දින ආරම්භවීමට නියිමිත එක්දින තරග දෙක නියමිත වේලාවට(1.30) පැය දෙකකට පෙර එනම් 11.30.a.m ආරම්භ කිරීමට තීරණය කර ඇත.වර්ෂාව හේතුවෙන් තරගයට සිදුවන බාධාවලින් වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බවද සදහන් වෙයි.කෙසේ වුවත් දෙසැම්බර් 17වැනිදා මුම්බායි හිදී පැවැත්වෙන තරගයේ ආරම්භක වේලාව(1.30) වෙනස් කර නොමැති අතර නියමිත වෙලාවට ආරම්භක කරන බවටද එම නිවේදනයේ සදහන් වෙයි.

මේ වන විට කල්කටාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දින දෙකම වැස්සෙන් සේදී ගිය අතර දින දෙකෙහිම යැවීමට හැකි වුයේ සීමිත පන්දුවාර ප‍්‍රමාණයක් පමණි.

ඊයේ රෑ දකුණු මුහුදු තීරයට කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.

ඊයේ රෑ දකුණු පළාතේ ගොඩක් ප්‍රදේශවලට ඊයේ රෑ 8.00 – 9.00 අතර කාලයේ විශාල පිපුරුම් ශබ්ධයක් ඇහුනා කියල වාර්තා වුනා. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය කිව්වේ පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබුනා කියලා. තවත් අය මේ විශාල වස්තුව, Continue reading “ඊයේ රෑ දකුණු මුහුදු තීරයට කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.”

තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි දසුන් කිව්වේ…බෝඩිමේ යාළුවො දෙන්නා කියූ කතාව

දසුන්ගේ මව තම පුතු හා සම්බන්ධ වූ කාන්තාවන් ගැන පුවත්පතකට හෙළිදරව් සිදු කරන අතරවාරයේ දසුන් මියගිය දිනය දක්වාම ඔහු ළඟින් පන්නිපිටිය බෝඩිමේ එකට කල් ගෙවූ සංගීත් හා සාලින්ද දෙදෙනා ඔහු මියගිය පසුව කියූ දෑ මෙම අවනඩුව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු Continue reading “තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි දසුන් කිව්වේ…බෝඩිමේ යාළුවො දෙන්නා කියූ කතාව”

සංගයි මහේලයි කෙල්ලො කොල්ලෝ ටිකකුත් ඉස්සරහ තියාන කියපු අපූරු කතාව

තමන් කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිමේ අයිතියක් හා නිදහසක් ලොව ඕනෑම කෙනෙකුට ඇති බව හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පවසයි.ඔවුන් දෙදෙනා මෙම අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට Continue reading “සංගයි මහේලයි කෙල්ලො කොල්ලෝ ටිකකුත් ඉස්සරහ තියාන කියපු අපූරු කතාව”

“එහෙම හීනයක් නම් හිතේ කොතනකවත් තිබුණේ නෑ..මම අඬනවා දකිද්දී මෙයත් සමහරදාට අඬනවා. “

පුංචි තිරයෙන් වගේම සිනමා තිරයෙන් රසික හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. Continue reading ““එහෙම හීනයක් නම් හිතේ කොතනකවත් තිබුණේ නෑ..මම අඬනවා දකිද්දී මෙයත් සමහරදාට අඬනවා. “”

විවාහ නැකැත් වේලාවේ සෝපානයේ හිරවුණාට මනාලයා කිංස්බරි හෝටලයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලයි

කොළඹ තරු පංතියේ හෝටලයක සිය විවාහ උත්සවය අවස්ථාවේදී විදුලි සෝපානය තුළ සිරවීමෙන් අසරණ වූ මනමාලයෙකු සම්බන්ධව පුවතක් වාර්තා වනවා.මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ නීතිඥයකු වන වරුණ නානායක්කාර නමැති අතර මෙලෙස අසරණ වීමෙන් තමන්ට සිදුවූ Continue reading “විවාහ නැකැත් වේලාවේ සෝපානයේ හිරවුණාට මනාලයා කිංස්බරි හෝටලයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලයි”